Skip to content
V
මැදපෙරදිග යුද උණුසුම මැද ශ්‍රීලන්කන් යානා දෙකක් අහසේ සිරවෙයි
featured news - උණුසුම් පුවත්

මැදපෙරදිග යුද උණුසුම මැද ශ්‍රීලන්කන් යානා දෙකක් අහසේ සිරවෙයි

By News Room · 15 July 2026

කටුනායක ගුවන්තොටුපොළෙන් කුවේට් වෙත සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානා 02ක් මෙලෙස යුද්ධයට මැදිව ඇත්තේ, එම කලාපයේ පැවති යුදමය තත්ත්වය හමුවේ ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙනි. 

මේ නිසා එම කලාපයට ආසන්න ඉහළ අහසේ ශ්‍රීලන්කන් ගුවන්යානා පියාසර කරමින් සිට ඇති අතර, පසුව ආරක්ෂිතව ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් කටයුතු කර තිබුණි. 

අද (15) උදෑසන වනවිට එම ගුවන් යානා දෙක, යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.

ඊයේ (14) පස්වරු 5.10ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන්යානය කුවේට් රාජ්‍යයේ සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතත්, රාත්‍රී 06.36ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 253 දරන ගුවන්යානය දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

A - 321නියෝ වර්ගයේ ගුවන් යානා දෙකක් වන මෙය මැදපෙරදිග කලාපය වෙත ආසන්න වෙත්ම, ඉරානය විසින් මෙම කලාපය වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාළාවක් එල්ල කර තිබුණි.

ඒ සමඟම කුවේට් රාජ්‍යය සහ සෞදි අරාබිය තම ගුවන් අවකාශයන් වසා දැමීමට පියවර ගෙන තිබූ අතර, එම රටවල් බලාපිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානා දෙක, ආපසු කටුනායක වෙත පැමිණීමට අවශ්‍ය ඉන්ධන ද ප්‍රමාණවත් නොවීම නිසා, එම කලාපය ආසන්නයේ ඉහළ අහසේ පැය 1යි විනාඩි 10ක කාලයක් පියාසර කරමින් සිට පසුව ගුවන් කලාපය විවෘත කළ පසු මෙලෙස ගොඩබැස්වීමට කටයුතු කර තිබුණි. 

මේ ආකාරයට තවත් විදේශීය ගුවන් යානා රැසක් මෙම යූදමය වාතාවරණය හේතුවෙන් ගොඩබැස්සවීමට නොහැකිව ඉහළ අහසේ පියාසර කරමින් සිටි බවට තොරතුරු වාර්තා වුණි. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026