Skip to content
V
මැතිවරණ නිහඬ කාලය අද සිට
featured news - උණුසුම් පුවත්

මැතිවරණ නිහඬ කාලය අද සිට

By News Room · 11 November 2024

මහ මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු අද ( 11 ) සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු කිසිදු ප්‍රචාරක කටයුත්තක් කළ නොහැකි බවත් එම කාලයේදී ප්‍රචාරක කටයුතු කරන ඡන්ද අයැදීම කරන සියලු අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට උපදෙස් දී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.නිහඬ කාලයේ දී ඡන්ද ආයාචනා කිරීමට ගෙන් ගෙට යෑමද පෙළපාළි පැවැත්වීම ද නීති විරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.මහ මැතිවරණ ඡන්ද විමසීම ලබන 14 වැනිදා ආරම්භ වෙයි.ඡන්ද පොළට සාමකාමීව ගොස් ඡන්දය පාවිච්චි කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ඡන්ද විමසීම පැවැත්වෙන දින මැතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සහ පොලිසිය කටයුතු යොදා ඇත. මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026