Skip to content
V
මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පොලිසියෙන් වාර්තාවක්
featured news - උණුසුම් පුවත්

මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පොලිසියෙන් වාර්තාවක්

By News Room · 24 March 2025

2025 පළාත් පාලන මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ඊයේ (23) දිනයේ වාර්තා වූ පැමිණිලි සම්බන්ධව තොරතුරු වාර්ථාවක් පොලීසිය ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ඊයේ  දිනයේ  මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි වාර්තා වී නොමැති නමුත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමවලට අදාළ පැමිණිලි 06 ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.

ඊයේ දිනයේ වාර්තා වූ පැමිණි පහත පරිදි වේ,

1) මාතලේ පොලිස් කොට්ඨාසයේ මාතලේ පොලිස් වසමේ මාතලේ දඹුල්ල මාර්ගයේ අළුවිහාරේ සිට පලාපත්වල මංසන්ධිය දක්වා මාර්ගයන්හි අපේක්ෂකයින්ගේ රුව සහිත පෝස්ටර් ඇලවීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර මාතලේ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

2) මාතලේ පොලිස් කොට්ඨාසයේ රත්තොට පොලිස් වසමේ මාතලේ රත්තොට මාර්ගයේ කයිකාවල සිට රත්තොට දක්වා ප්‍රදේශයේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධන වන ආකාරයේ කොඩි ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිලි ලැබී ඇති අතර රත්තොට පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

3) මාතලේ පොලිස් කොට්ඨාසයේ රත්තොට පොලිස් වසමේ රත්තොට පොලිස් බල ප්‍රදේශයේ අපේක්ෂකයින්ගේ රුව සහිත බැනර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර රත්තොට පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

4) කැබිතිගොල්ලෑව පොලිස් කොට්ඨාසයේ මැදවච්චිය පොලිස් වසමේ වියළි ආහාර බෙදා දීමක් සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර මැදවච්චිය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

5) පොළොන්නරුව පොලිස් කොට්ඨාසයේ පොළොන්නරුව පොලිස් වසමේ අපේක්ෂකයෙකු විසින් ප්‍රධාන මාර්ගයේ වීදි ලාම්පු අලුතින් සවි කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොළොන්නරුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

6) මොනරාගල පොලිස් කොට්ඨාසයේ මොනරාගල පොලිස් වසමේ විහාර මාවත, මොනරාගල මාර්ගයේ අපේක්ෂකයෙකුගේ රුව සහිත බැනර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර මොනරාගල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026