Skip to content
V
මෛත්‍රිපාලි සිරිසේනට නොතීසි නිකුත් කරයි
featured news - උණුසුම් පුවත්

මෛත්‍රිපාලි සිරිසේනට නොතීසි නිකුත් කරයි

By News Room · 11 March 2025

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස  අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 29 වන දා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.

ඉකුත් වසරේ මෙම නඩුවේ තීන්දුව දුන් අවස්ථාවේදී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් මාසයක් තුළ ගෙවා අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝග කර තිබුණි. 

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම මුදල මේ දක්වා ගෙවා නොමැති බවයි. ඒ අනුව මෙම වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස දන්වා මෛත්‍රිපාලි සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට නියම කෙරුණි. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026