Skip to content
V
මෑත ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය
featured news - උණුසුම් පුවත්

මෑත ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය

By News Room · 21 September 2024

මැතිවරණය පැවති කාලසීමාව තුළ කුඩා සිදුවීම් කිහිපයක් වාර්තා වූ බවත් ඒ සම්බන්ධයෙන් 10 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මේ අතර පැෆ්රල් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මෙම ජනාධිපතිවරණය මෙරට මෑත ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණයක් බවයි. මෙවර වාර්තා වී ඇත්තේ එක් ප්‍රචණ්ඩකාරී සිදුවීමක් පමණක් බව ඔහු සඳහන් කළේය. එසේම ඡන්ද පත්‍රිකාව ඉරා දැමීමේ සිදුවීම් දෙකක් සහ ඡන්ද පත්‍රිකාව වීඩියෝ ගත කිරීමේ අවස්ථා දෙකක් ද වාර්තා වී ඇති බව ඔහු පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026