Skip to content
V
මාතලේ බස් රථයක් සහ වැන් රථයක් එකිනෙක ගැටීමෙන් 3ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

මාතලේ බස් රථයක් සහ වැන් රථයක් එකිනෙක ගැටීමෙන් 3ක් ජීවිතක්ෂයට

By News Room · 14 November 2024

මාතලේ, ලග්ගල එලවාකන්ද ප්‍රදේශයේදී අද (14) සවස බස් රථයක් සහ වැන් රථයක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ රාත්‍රී 7:30ට පමණ එම අනතුර සිදුව ඇති බවයි. එහිදී විල්ගමුව පොලිස් වසමේ දඹුල්ල - මහියංගණය මාර්ගයේ එලවාකන්ද ප්‍රදේශයේදී දඹුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය කළ බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැන් රථයක ගැටී තිබුණි. අනතුරුව බස් රථය ප්‍රපාතයකට පෙරළී ඇත.

බස් රථයේ සිටි 37 දෙනෙක් සහ වෑන් රථයේ සිටි 05 දෙනෙක් තුවාල ලබා විල්ගමුව රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී බස් රථයේ සිටි දෙදෙනෙක් සහ වැන් රථයේ සිටි එක අයෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

අප වාර්තාකරු පැවසුවේ එම බස් රථය විනෝද චාරිකාවක් යන අතරතුරදී එම අනතුරට ලක්ව ඇති බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026