Skip to content
V
මාතර - තංගල්ල පාරේ බස් දෙකක් මුහුණට මුහුණ ගැටේ: 40කට තුවාල
featured news - උණුසුම් පුවත්

මාතර - තංගල්ල පාරේ බස් දෙකක් මුහුණට මුහුණ ගැටේ: 40කට තුවාල

By News Room · 26 June 2026

මාතර - තංගල්ල මාර්ගයේ තලල්ල වජිරවංශ මාවත අසලදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බස් රථ දෙකේ ගමන්ගත් පුද්ගලයින් 40ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය. ඉන් 25 දෙනෙකු මාතර මහ රෝහලටත් සෙසු පිරිස බතීගම ප්‍රදේශීය රෝහලටත් ඇතුළත් කර තිබේ. ගාල්ල - අම්පාර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් සහ තංගල්ල මාතර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් අද (26) උදෑසන 7.45ට පමණ මෙලෙස අනතුරට පත් විය. අනතුරට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026