Skip to content
V
මෝටර් රථ ධාවන ඉතිහාසයේ ලංකාවේ නමත් බැබලෙයි
featured news - උණුසුම් පුවත්

මෝටර් රථ ධාවන ඉතිහාසයේ ලංකාවේ නමත් බැබලෙයි

By News Room · 21 October 2024

ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් සමත්ව තිබෙනවා.

ඉතාලියේ මොන්සා ධාවන පථයේ පසුගියදා (19) පැවති සිය පළමු තරගයේදීමයි 17 හැවිරිදි වියේ පසුවන යෙවාන් මෙසේ ජයග්‍රහණය කර ඇත්තේ. සුප්‍රසිද්ධ ෆෝමියුලා 1 ශූර රූබන්ස් බැරිචෙලෝගේ පුත් ප්‍රනාන්දු බැරිචෙලෝ ඇතුළු පළපුරුදු තරඟකරුවන් අභිබවා යෑමට යෙවාන් සමත් වුවා.

ඔහු මෙම තරගයේදී නියෝජනය කර ඇත්තේ, ජර්මනියේ මොටෝපාර්ක් කණ්ඩායමයි. එමෙන්ම මෙරට මෝටර් රථ ධාවකයෙකු F3මෝටර් රථ ධාවන තරගාවලියකට සහභාගි වූ පළමු අවස්ථාව ද මෙයයි. ඔහුගේ මෙම ජයග්‍රහණය ජාත්‍යන්තර මෝටර් රථ ක්‍රීඩාවේ ශ්‍රී ලංකාවට වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026