Skip to content
V
මංගලගේ පොත් එකතුවක් ආයතන තුනකට ප්‍රදානය කෙරේ
featured news - උණුසුම් පුවත්

මංගලගේ පොත් එකතුවක් ආයතන තුනකට ප්‍රදානය කෙරේ

By News Room · 24 August 2024

දිවංගත අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවයේ තෙවැනි සංවත්සරය නිමිත්තෙන්, ඔහුගේ පුළුල් හා ආදරණීය පෞද්ගලික පොත් එකතුවෙන් කොටසක් ගෞරවනීය ආයතන තුනකට පරිත්‍යාග කොට ඔහුගේ මතකයට ගෞරව කිරීමට ඔහුගේ පවුලේ සාමාජිකයින් පියවර ගනී. බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය, යාපනය මහජන පුස්තකාලය සහ මාතර මහජන පුස්තකාලය වෙත එම ප්‍රදානයන් සිදු කෙරෙනු ඇත.

වසර 40 කට වැඩි කාලයක් තිස්සේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ශ්‍රී ලංකාවේ දැනුම බෙදාගැනීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙසට ක්‍රියාත්මක වන බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය මෙම ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත. එම මධ්‍යස්ථානය විසින් මෙම පොත් එකතුව ලේඛණගත කිරීමට සහාය වන අතර, රාජ්‍ය තාන්ත්‍රික සහ ජාත්‍යන්තර කටයුතු කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීමට වඩාත් අදාළ පොත් ඊට ප්‍රදානය කෙරෙනු ඇත. මෙම පරිත්‍යාගය විශේෂයෙන් යෝග්‍ය වන්නේ එය රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියැලී සිටින්නන් සහ ගෝලීය වේදිකාවේ විවිධ කර්මාන්තවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නන්ගේ අඛණ්ඩ අධ්‍යාපනයට ඉන් සහායක් ලැබෙන බැවිනි.

යාපනය මහජන පුස්තකාලයට පොත් ප්‍රදානය කිරීමට ගත් තීරණය විශේෂ වැදගත්කමක් දරයි. ගිනි තැබීමට ලක් වූ එම පුස්තකාලය ප්‍රතිසංස්කරණය කිරීමටමංගල සමරවීර දැඩි ලෙස කැප වී සිටි අතර, එම සිද්ධිය සියළුම ශ්‍රී ලංකාවාසීන්ගේ ඛේදවාචකයක් ලෙසින් ඔහු සැලකීය. හිටපු ජනාධිපතිනී බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලන සමයේදී යාපනය පුස්තකාලය සහ එහි මිල කළ නොහැකි පොත් එකතුව නැවත ගොඩනැංවීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රට පුරාසිටින ශ්‍රී ලාංකිකයන් බලමුළු ගැන්වීමට උත්සාහ කළ ‘ගඩොලක් හෝ පොතක්’ ව්‍යාපාරයේ සාඩම්බර සංවිධායකයෙකු ලෙසින් ද ඔහු කටයුතු කළේය. මෙම පරිත්‍යාගය නියෝජනය කරන්නේ එම ඓතිහාසික අලාභය පියවා ගැනීමට ගන්නා අඛණ්ඩ උත්සාහයක් ලෙසටයි.

මීට අමතරව, ඔහුගේ පුස්තකාලයේ කොටසක් මාතරට ගෙන ගොස් මහජන පොත් එකතුවක් සැකසීම මගින්, ඔහුගේ ආදරණීය දකුණේ උපන් ගමෙහි විශේෂයෙන් කලා හා සංචාර ක්ෂේත්‍රයන්ට ලැදි තරුණ තරුණියන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම පරිත්‍යාගය මංගලගේ ජීවිත කාලය පුරාවටම වූ දැනුම වෙනුවෙන් කැපවීම සහ ප්‍රජාවන් අතරට ගෙන ඒමට සහ අවබෝධය වර්ධනය කිරීමට එහි ඇති ශක්තිය පිළිබඳ විශ්වාසයට උපහාරයක් බව ඔහුගේ සහෝදරිය වන ජයන්ති සමරවීර මහත්මිය පැවසුවාය.

පුස්තකාල මගින් පොත් ලේඛණගත කිරීම සහ තෝරා ගැනීමෙන් පසුව පොත් පරිත්‍යාග කිරීමේ උත්සවය ඔක්තෝම්බර් මාසයේදී සිදු කෙරේ. ඔහුගේ පොත්එකතුවෙන් කුඩා කොටසක් ඔහුගේ පවුලේ රැකවරණය යටතේ තවදුරටත් පවතිනු ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026