Skip to content
V
මීගමුව බන්ධනාගාර කැරැල්ලේ රැඳවියන්ට අවි ලැබුණේ කෙසේදැයි සෙවීමට පූර්ණ විමර්ශනයක්
featured news - උණුසුම් පුවත්

මීගමුව බන්ධනාගාර කැරැල්ලේ රැඳවියන්ට අවි ලැබුණේ කෙසේදැයි සෙවීමට පූර්ණ විමර්ශනයක්

By News Room · 8 July 2026

බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු පමණ රැඳවියන් රැගෙන ඒමට බන්ධනාගාරය තුළට ගිය අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරෙමින් රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ට පහර දෙමින් ප්‍රාණ ඇපයට තබා ගනිමින් කැරැල්ල ආරම්භ කර ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි මීගමුව මූලස්ථාන පොලිසිය පවසනවා.

බන්ධනාගාරගතව සිටින රැඳවියන් විසින් රැඳවියන් 50 දෙනෙකු පමණ තම ඥාතීන් හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස සිදුකරන ලද ඉල්ලීම පරිදි බන්ධනාගාර අධිකාරී ගජනායක විසින් එම ඉල්ලීමට සවන් දී එම අවස්ථාව ලබා දී ඇති අතර, ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරය තුළට ගිය අවස්ථාවේදී එලෙස ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

එහිදී එම නිලධාරීන් මුදවා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව කටයුතු කළ අවස්ථාවේ රැඳවියන් සිටි බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කීපයක් ඇසී ඇතැයි පොලිසිය පවසනවා.

අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරින් ප්‍රධාන දොරටුව විවෘත කරමින් බන්ධනාගාරය තුළට ඇතුළුවන අවස්ථාවේදී නිලධාරින් හා රැඳවියන් අතර වෙඩි හුවමාරුවක් සිදුවී ඇතැයි ද එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් තුවාල ලබා ඇතැයිද වැඩිදුරටත් සඳහන් කරනවා.

එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීමෙන් පසු තුවාල ලැබූ නිලධාරීන් සහ රැඳවියන් මීගමුව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ ලෙස තුවාල ලබා සිටි බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු හා රැඳවියන් 17 දෙනෙකු එම අවස්ථාවේදීම මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයිද පොලිසිය පවසනවා.

එයින් අනතුරුවද රැඳවියන් දෙදෙනකු මිය ගොස් තිබෙනවා.

තුවාල ලද බන්ධනාගාර නිලධාරීන් 24 දෙනාගෙන් 16 දෙනෙක් මීගමුව රෝහලේත්, බරපතල තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා 8 දෙනෙක් කොළඹ ජාතික රෝහල වෙතද යොමු කළ බවත්, තුවාල ලද රැඳවියන් 61දෙනාගෙන් 50 දෙනෙක් මීගමුව රෝහලේත් සෙසු 11 දෙනා කොළඹ ජාතික රෝහලෙත් වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කළ බවත් පොලිසිය සඳහන් කරනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත රැඳවියන් භාරයට අවි ලැබීම හා අවිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මීගමුව දිස්ත්‍රික් එක භාර සහකාර පොලිස් අධිකාරී ආර් එම් ජි ජි රත්නායකගේ මෙහෙයවීමෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026