Skip to content
V
මීගමු කලපුවේ ඔරුවක් පෙරළීයාමෙන් පියා සහ දියණිය අතුරුදන්
featured news - උණුසුම් පුවත්

මීගමු කලපුවේ ඔරුවක් පෙරළීයාමෙන් පියා සහ දියණිය අතුරුදන්

By News Room · 24 November 2024

මීගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉතිරි කතෝලික පියතුමේකු ඇතුළු පසු දෙනෙකු බේරාගෙන ඇති බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ කලපුවේ ගිලි අතුරුදහන්ව ඇත්තේ මිගමුව මුන්නක්කරේ පදිංචිව සිටි රනිල් ප්‍රනාන්දු (50) හැවිරිදි පියකු හා නෙත්මි ප්‍රනාන්දු නැමති 20 හැවිරිදි දියණීයක් බව කියයි.

කලපුවේ ගිලි අතුරුදහන්ව ඇති පියා හා දියණිය සමග පවුලේ සාමාජීකයින් පිරිස හිතවත් පුජකවරයකු සමග දහවල් 12.45 ට පමන මෙම පිරිස පදිංචි මුන්නක්කරේ පිහිටි නිවස ආසන්නයෙන් ධිවර යාත්‍රාවේ නැගි ගමන් කරමින් සිටියදී සිරිවර්ධන පුර ආසන්නයෙ කලපුවේ යාත්‍රාව පෙරළි ගොස් අනතුරට ලක්ව ඇති බව කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම යාත්‍රාවේ එකම පවුලේ සාමාජීකයින් පිරිස ගමන් කර ඇති බවත් එහි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් සිව් දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය කියයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026