Skip to content
V
මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයෙන් පසු සතියක් යනතෙක් පෙළපාලි තහනම්
featured news - උණුසුම් පුවත්

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයෙන් පසු සතියක් යනතෙක් පෙළපාලි තහනම්

By News Room · 14 November 2024

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළ පසු පශ්චාත් මැතිවරණ සමයේ සතියක් යනතෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම්දෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

"අද දවසේ පවත්වාගෙන ගිය සාමකාමී තත්ත්වය පශ්චාත් මැතිවරණ සමයේදීත් පවත්වාගෙන යෑමටයි අපි අපේක්ෂා කරන්නේ. ඒ සඳහා සහාය දෙන්න කියලා අපි සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අවබෝධ කරගත යුතු කාරණයක් තිබෙනවා. කිසිම ආකාරයකින් පෙළපාලි යන්නට ඉඩ දෙන්නේ නැහැ. පාගමනින් හෝ රථවාහනවලින්. ප්‍රතිඵල නැරඹීමේදී පොදු ස්ථානවලට ඒකරාශී වෙලා ඩිජිටල් තිර යොදාගෙන නැරඹීමට අවස්ථාව දෙන්නේ නැහැ. එම ස්ථාන අපි විසුරුවා හැරීමට කටයුතු කරනවා."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026