Skip to content
V
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට අවසන්
featured news - උණුසුම් පුවත්

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට අවසන්

By News Room · 10 November 2024

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාල ද 12 වන දින වන විට ඉවත් කළ යුතු බවය.

"මේ වන විට අපේක්ෂකයින් ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා කාර්යාල පිහිටුවා තිබෙනවා. එම කාර්යාලවලින් ඡන්ද කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යන කාර්යාල සියල්ල 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරගත යුතු වෙනවා. 12 මධ්‍යම රාත්‍රියෙන් පසුව තබා ගන්නට හැකියාව ලැබෙන්නේ පක්ෂ සහ කණ්ඩායම් සඳහා මැතිවරණ කොට්ඨාසයට එකක් වශයෙන් පිහිටුවා තිබෙන කාර්යාලය. 

ඒ වගේම ඒ දිනයේ සිට අපේක්ෂකයින්ට හැකියාව තිබෙනවා මැතිවරණ කොට්ඨාසයටම එක් කාර්යාලයක් පිහිටුවා ගන්නට. ඒ වගේම අපේක්ෂකයාගේ නිවස තවදුරටත් කාර්යාලයක් හැටියට පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් ඒ කාර්යාල කිසිවක සැරසිල්ලක් හෝ වෙනත් කිසිදු ප්‍රචාරණ කටයුත්තක් කිරීමට හැකියාව නැහැ."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026