Skip to content
V
මහ මැතිවරණය තහනම් වූ පක්ෂ පහ
featured news - උණුසුම් පුවත්

මහ මැතිවරණය තහනම් වූ පක්ෂ පහ

By News Room · 5 October 2024

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

සමහර දේශපාලන පක්ෂවල ලේකම්වරුන් දෙතුන් දෙනා සිටින බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු එම නියෝජිතයන් කැඳවා පසුගියදා සාකච්ඡා කළ  නමුත් ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟත්වයට නොපැමිණීම හේතුවෙන් කොමිසම මෙම තීරණය ගත් බව එහි සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

අධිකරණය හරහා හෝ ගැටලුව නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස එම පක්ෂ පහේ නියෝජිතයන්ට අනතුරුව දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.

මෙම පක්ෂ පහ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය කාලයේදී පැමිණිලි ගණනාවක් ලැබී තිබිණ.

මේ අතර දේශපාලන පක්ෂ පහළවක පමණ ලකුණු මාරු කිරීම් සහ නම් මාරු කිරීම් සම්බන්ධ ගැටලු  පසුගිය දිනවල එම පක්ෂ නියෝජිතයන් කැඳවා විසඳු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026