Skip to content
V
මහ මැතිවරණයට නාමයෝජනා භාර ගැනීම හෙට සිට
featured news - උණුසුම් පුවත්

මහ මැතිවරණයට නාමයෝජනා භාර ගැනීම හෙට සිට

By News Room · 3 October 2024

2024 මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම හෙට (04) පෙරවරුවේ ආරම්භ කෙරෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කළේ නාම යෝජනා භාර ගැනීමේ ආරම්භක දිනයේ සහ නාම යෝජනා භාර ගැනීම අවසන් වන දිනයේ පෙළපාලි යාම සහ කණ්ඩායම් වශයෙන් හැසිරීම සපුරා තහනම් බවයි. මහ මැතිවරණයට අදාළව ප්‍රධාන ආයතන කිහිපයක් සමග මැතිවරණ කොමිසම ඊයේ විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ නාම යෝජනා භාර ගැනීමේ සිට මැතිවරණය පැවැත්වීමේ දිනය දක්වා කාලය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ රජයේ මුද්‍රණාලයේ කටයුතු සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

මේ අතර මහ මැතිවරණයට අදාළ ඇප මුදල් බැඳීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති අතර පාර්ශ්ව 37ක් මේ වනවිට ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර මැතිවරණ කොට්ඨාස 22 ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ අනෙකුත් සහකාර තේරීම්භාර නිලධාරීන් විසින් නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.

හෙට පෙරවරුවේ සිට ලබන 11 වැනිදා දහවල් 12 දක්වා එම කාල සිමාව ක්‍රියාත්මකයි.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කටයුතුද 8 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිසම පවසනවා.

එදිනට ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන පිරිසට ලබන 18 වැනිදා ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇති.

ලබන 26 වැනිදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 12 වැනිදා තැපෑලට භාරදෙන අතර ලබන 17 වැනිදා සිට 20 වැනිදා දක්වා ඒවා බෙදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026