Skip to content
V
මහා බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරුගේ 'කුමරු' පදවිය චාල්ස් රජුගේ අණින් අහිමි වෙයි
featured news - උණුසුම් පුවත්

මහා බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරුගේ 'කුමරු' පදවිය චාල්ස් රජුගේ අණින් අහිමි වෙයි

By News Room · 31 October 2025

මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෲ කුමරු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන් ඔහුගේ 'කුමරු' පදවිය අහිමි කිරීමට බකිංහැම් මාලිගය කටයුතු කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් චාල්ස් රජු අණකර ඇත්තේ මින් ඉදිරියට ඇන්ඩෲ කුමරුව ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙසින් හඳුන්වන බවය. ඒ අනුව 'කුමාරයා' පදවිය අහිමි වූ ඇන්ඩෲ කුමරුට ඔහු 2004 වසරේ සිට ජීවත් වූ වින්ඩ්සර් මාලිගය හැර යාමට සිදුවේ.

ළමා අපචාර චෝදනා ලැබූවෙකු වන මේ වනවිට ජීවතුන් අතර නොමැති අමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටෙයින් සමග සබඳතා පැවැත් වූ බවට ඇන්ඩෲ කුමරුට වසර ගණනාවක සිට චෝදනා එල්ල විය. ඒ හේතුවෙන් මෙම මසදී යෝර්ක් හි ආදිපාද ධුරය හැරීමට ඔහු කටයුතු කළේය.

සිය තීරණය දැනුම්දෙමින් හෙතෙම පවසා සිටියේ, තමන්ට දිගින් දිගටම එල්ල වන චෝදනා හේතුවෙන් සිය සහෝදරයා වන චාල්ස් රජුගේ සහ රාජකීය පවුලේ කටයුතුවලට ද බලපෑම් එල්ල වන බවය.

එමෙන්ම පසුගිය වසරේ ලබාදුන් අධිකරණ තීන්දුවක් මගින් ඇන්ඩෲ කුමරුගේ සමීප ව්‍යාපාරික සගයෙකු චීන ඔත්තුකරුවකු බව හෙළිවීමත් ඔහුගේ ධුරය අත්හැරීමට තවත් හේතුවක් වී තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026