Skip to content
V
 මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳ වැටීමෙන් ලොව පුරා ගුවන් සේවා, රෝහල්, මාධ්‍ය සහ බැංකු කටයුතුවලට බලපෑම්
featured news - උණුසුම් පුවත්

මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳ වැටීමෙන් ලොව පුරා ගුවන් සේවා, රෝහල්, මාධ්‍ය සහ බැංකු කටයුතුවලට බලපෑම්

By News Room · 23 July 2024

ප්‍රධාන පෙළේ බැංකු, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ගෝලීය ආයතන සමූහයක් ඔවුන්ගේ සේවාවලට බලපාන මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳ වැටීමක් සම්බන්ධයෙන් වාර්තා කර තිබේ.

ඒත් සමග ගුවන් සමාගම් කිහිපයක් ම ලොව පුරා ගුවන් ගමන් නතර කර ඇති අතර තවත් බොහෝ ගුවන් ගමන් ප්‍රමාදයන් වාර්තා කරයි.

මෙම බිඳ වැටීම හේතුවෙන් සිය හදිසි සේවාවලට බලපෑම් එල්ල වී ඇතැයි එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තය අනතුරු අඟවා ඇති අතර ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල්වල කටයුතු අඩපණ වී තිබේ. තාක්ෂණ පද්ධති බිඳ වැටීම හේතුවෙන් රටවල් කිහිපයක ම මාධ්‍ය ආයතන තත්ත්වය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරමින් සිටි අතර එක්සත් රාජධානියේ ස්කයි නිවුස් ආයතනයේ විකාශන කටයුතු තාවකාලිකව නතර කිරීමට පවා සිදු විය.

බිඳ වැටීමට හේතුව අපැහැදිලි නමුත් බලපෑමට ලක් වූ බොහෝ දෙනෙකු පැවසුවේ, එය මයික්‍රෝසොෆ්ට් පරිගණක මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව හටගත් බව ය.

අද පෙරවරුවේ Xහි Microsoft 365 Service Update පළ කළ නිල දැනුම් දීමක සඳහන් වූයේ, "Microsoft 365 යෙදුම් සහ සේවාවන් වෙත ප්‍රවේශ වීමට පරිශීලකයින්ට ඇති හැකියාව කෙරෙහි බලපාන ගැටලුවක් සම්බන්ධයෙන් අපි විමර්ශනය කරමින් සිටින්නෙමු," යනුවෙනි.

කෙසේ වෙතත්, මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රකාශකයෙකු සිකුරාදා බීබීසීයට පැවසුවේ, පැය කිහිපයකට පෙර "සේවාවලින් බහුතරයක් යථා තත්ත්වයට පත්වූ" බව ය.

ඉන් දැඩි ලෙස බලපෑම් එල්ල වූ ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු මෙම බිඳ වැටීම සයිබර් ආරක්ෂණ ආයතනයක ගැටලුවකට සම්බන්ධ බව පෙනෙන බව පැවසූ අතර, එරට සයිබර් ආරක්ෂණ ආයතනය පැවසුවේ, මෙය සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූ බව පැවසීමට කිසිදු තොරතුරක් නොමැති බව ය.

"අප සතුව දැනට ඇති තොරතුරු අනුව, මෙම බිඳ වැටීමට හේතු වෙලා තියෙන්නේ බලපෑමට ලක් වූ ආයතන විසින් භාවිත කරනු ලබන තුන්වන පාර්ශවීය මෘදුකාංගයක ඇතිවුණු තාක්ෂණික ගැටලුවක්," නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු පැවසූහ.

ඇලස්කා බලධාරීන් පැවසුවේ, බොහෝ 911 සහ හදිසි නොවන ඇමතුම් මධ්‍යස්ථාන නිසි ලෙස ක්‍රියා නොකළ බව ය. නමුත් ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ, එරට ප්‍රධාන හදිසි සම්බන්ධතා මධ්‍යස්ථානය වන triple-0 ඇමතුම් මධ්‍යස්ථානවලට බලපෑමක් එල්ල වී නොමැති බව ය.

සමාජ මාධ්‍ය භාවිත කරන්නන්, එක්සත් රාජධානියේ බේකරි සහ කෝපි අලෙවිසල් ජාලයක් වන Gail's සහ ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල් ජාලයක් වන Woolworths වැනි වෙළෙඳසල්වල මුදල් ගෙවීම් සම්බන්ධයෙන් ගැටලු වාර්තා කර ඇති අතර, ඔවුන් ඔස්ට්‍රේලියාවේ ජාතික බැංකුව වැනි මූල්‍ය ආයතන වෙත ප්‍රවේශ වීමේ ගැටලු ද වාර්තා කර තිබේ.

ගුවන් සේවා, කුලී රථ සහ දුම්රියවලට බලපෑම් ඇති කරමින් ලොව පුරා සංචාරක සැලසුම් ද අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත.

එක්සත් ජනපද ගුවන් සේවා වන United, Delta සහ American Airlines "ලොව පුරා සිය ගුවන් ගමන්තාවකාලිකව නවතා" ඇති අතර ඔස්ට්‍රේලියානු ගුවන් සේවා වන Virgin සහ Jetstar සිය ගුවන් ගමන් ප්‍රමාද කර හෝ අවලංගු කර තිබේ. බර්ලින්, ටෝකියෝ සහ දිල්ලි ඇතුළු අනෙකුත් ගුවන් තොටුපළවල කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇත.

එක්සත් රාජධානියේ, Govia Thameslink Railway සමාගම සිය දුම්රිය මගීන්ට බාධා වීම් අපේක්ෂා කරන ලෙස අනතුරු ඇඟවූ අතර ඔස්ට්‍රේලියාවේ Black and White Cabs සමාගම පැවසුවේ, ඔවුන්ගේ පද්ධතිවලට ද බලපෑම් එල්ල වී ඇති බව ය.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026