Skip to content
V
මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදුනු තරුණියක් දැලේ
featured news - උණුසුම් පුවත්

මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදුනු තරුණියක් දැලේ

By News Room · 9 March 2025

දිවුලපිටිය ප්‍රදේශයේ මහා පරිමාණව හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු 21 හැවිරිදි තරුණියක් දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පරීක්ෂා කිරීමේදි ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් පොලිස් භාරයට ද ගෙන ඇත. ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ කලක පටන් මෙම ජාවාරම සිදුකර ඇති බවත් ප්‍රදේශ කිහිපයකට මත්කුඩු අලෙවි කර ඇති බවත්ය.

ඇය සතුව තිබී පොලිස් භාරයට ගත් හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට අධික බවත් පොලීසිය පවසයි. ඇය මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට ද නියෝග කර තිබේ.‍ 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026