Skip to content
V
මහින්ද භාවිතා කළ වාහන 3ක් නැවත භාරදීමට කටයුතු කරයි
featured news - උණුසුම් පුවත්

මහින්ද භාවිතා කළ වාහන 3ක් නැවත භාරදීමට කටයුතු කරයි

By News Room · 20 October 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති ගිලන් රථය සහ ඇතුළුව ආරක්ෂක රථ 03ක් ලබන 21 වන සඳුදා ආපසු භාරදීමට කටයුතු කරන බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් සඳහන් කළ පරිදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සන්තකයේ ඇති වාහන සංඛ්‍යාව පිළිබඳව සඳහන් කර ඇති ගණන නිවැරදි නොවන බවයි.

එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව සැපයීමේ කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සංඛ්‍යාව හයක් බවයි එම මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්‍යාලයද දැනුම්වත් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය,

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026