Skip to content
V
මහින්දගේ ආරක්ෂකයෝ 116ක් ඉවත් කිරීමට පියවර
featured news - උණුසුම් පුවත්

මහින්දගේ ආරක්ෂකයෝ 116ක් ඉවත් කිරීමට පියවර

By News Room · 11 December 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඔහු පැවසුවේ මානව සම්පත් කළමනාකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඊයේ (10) දින ලිපියක් මගින් මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුවත් කර ඇති බවය.

ඒ අනුව ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් මෙම පිරිස අතර ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව පළපුරුදු නිලධාරීන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු පැවසීය.

ප්‍රභාකරන්ගේ මතවාද ඇති පිරිස් තවමත් තුරන් වී නොමැති බැවින් එම ත්‍රස්තවාදය තුරන් කිරීමට නායකත්වය ලබා දුන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කිරීමට ආණ්ඩුව පියවර ගැනීම ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026