Skip to content
V
මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ අවසන් කටයුතු අද
featured news - උණුසුම් පුවත්

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ අවසන් කටයුතු අද

By News Room · 16 February 2026

ලංකා සම සමාජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව තිබේ.

මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වන හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉකුත් පෙබරවාරි 13වැනිදා සිය දිවි ගමනට සමු දුන්නේය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 92වැනි වියේ පසුවිය.

අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ තැන්පත් කෙරුණු අතර ආගමික නායකයින්, දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026