Skip to content
V
මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය ඉහළට
featured news - උණුසුම් පුවත්

මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය ඉහළට

By News Room · 6 March 2025

කුඩා දරුවන් සහ වැඩිහිටි පිරිස් අතර මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ශ්‍රීනි අලහප්පෙරුම පවසනවා. ඇය මේ පිළිබඳව සඳහන්කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්. මේ වන විට මෙම රෝගී තත්ත්වය ලෝකයේත්, ලංකාවේත් තුන්වන ස්ථානයට පැමිණ ඇති බවයි ඇය පවසන්නේ.

මෙම මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා මුල් අවස්ථාවේ හඳුනා ගැනීම සිදුකළහොත් එය වළක්වා ගත හැකි බවයි අධ්‍යක්ෂවරිය පවසා සිටියේ.

ක්ෂණික කෑම වෙනුවෙන තන්තුමය ආහාර සහිත පෝෂණීය කෑම වේලක් ලබා ගැනීම ඉතා වැදගත්වෙන බවයි ඇය පවසා සිටියේ. මෙම පිළිකා තත්ත්වය වර්ධනය වීමට බලපාන ප්‍රධාන සාධක ලෙස ඇය සඳහන්කර සිටියේ පෝෂණීය ආහාර වේලක් නොගැනීමයි.

වසරකට 1500ක් ගැහැණු පාර්ශවයෙන්ද තවත් 1500ක් පිරිමි පාර්ශවයෙන්ද මෙම, මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය දක්නට ලැබෙන බවයි ඇය පවසා සිටියේ.

අධික තරබාරු තත්ත්වය සහ දියවැඩියා වැනි රෝග තත්ත්ව නිසා මෙම රෝගය වැළදෙන බවත් ඇය පවසා සිටියා.

මළපහ සමග රුධිරය පිටවීම, වැසිකිලි යෑමේ සාමාන්‍ය පුරුදු සති දෙකකට වඩා වෙනස් වීම, මළපහ වෙන ක්‍රමවේදය සහ මළපහවල සංඝටකවල වෙනසක් තිබේනම් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වී නිසි වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු වී අදාළ රෝගයදැයි තහවුරු කර ගන්නා ලෙසයි අධ්‍යක්ෂකවරිය මෙහිදී පවසා සිටියේ.

මාර්තු මාසය පුරාවට මේ සම්බන්ධයෙන් දැනුවත්කිරීම් සිදුකරන බවයි අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පවසා සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026