featured news - උණුසුම් පුවත්
මහර බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන්තාවයෙන් එක් අයෙකු මියයයි, 6කට තුවාල

මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ ගින්න හමුවේ එක් අයෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.
බන්ධනාගාර පරිශ්‍රය තුළ ඊයේ (01) පස්වරුවේ හදිසියේ මතුවූ මෙම නොසන්සුන්තාව අතරතුර එහි වූ ගොඩනැගිල්ලක ගින්නක් ද හටගෙන තිබුණා.
සිද්ධියත් සමඟ බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් කිහිපයක් වහාම එම ස්ථානයට කැඳවීමට පියවර ගත්තා.
තත්ත්වය පාලනය කර සමථයකට පත් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා හරහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරෙමින් පවතින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළා.




