Skip to content
V
මහර බන්ධනාගාරයේ දේපළ හානිය සෙවීමට තවත් කමිටුවක්
featured news - උණුසුම් පුවත්

මහර බන්ධනාගාරයේ දේපළ හානිය සෙවීමට තවත් කමිටුවක්

By News Room · 5 August 2026

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර එහි දේපළවලට රැඳවියන් විසින් සිදු කළ හානිය සම්බන්ධයෙන් සොයා බැලීමට තවත් කමිටුවක් පත් කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා පස්වරුවේ රැඳවියන් පිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාව අතරතුරදී, ඔවුන් බන්ධනාගාර මුළුතැන්ගෙය, ප්‍රධාන ජේලර් කාර්යාලය, පුනරුත්ථාපන අංශය ඇතුළු බන්ධනාගාර දේපළ රැසක් විනාශ කර ඇති බවයි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත සඳහන් කළේ. මෙම කමිටුව හරහා, එම හානිය තක්සේරු කිරීම හා ඒවා යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කඩිනම් යෝජනා ඉදිරිපත් කිරීම සිදු කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර, මහර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරීන් තුන්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව ද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026