Skip to content
V
මහජනතාවට පීඩාවක් වූ ක්‍රිෂ් ගොඩනැගිල්ල
featured news - උණුසුම් පුවත්

මහජනතාවට පීඩාවක් වූ ක්‍රිෂ් ගොඩනැගිල්ල

By News Room · 13 November 2024

කිසිවක් පහළට වැටීම හරහා මහජනතාවට පීඩාවක් ඇති නොවන සේ කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු බවට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) රිට් ආඥාවක් නිකුත් කළේය. ක්‍රිෂ් ගොඩනැගිල්ල හිමිකාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට එම ආඥාව නිකුත් කළේය. විදේශීය ආයෝජනයක් ලෙස 2015 දී ඉදිකිරීම් ආරම්භ වූ මෙම ගොඩනැගිල්ල කොළඹ කොටුවේ පිහිටි උසම ගොඩනැගිල්ල වෙයි.

පසුගිය කොවිඩ් කාලසීමාවේ මෙහි ඉදිකිරීම් නතර වූ අතර පසුව මෙරට පැවති ආර්ථික කඩාවැටීමත් සමග එහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නතර කර දැමුණි. මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් නවතා දැමීමත් සමග මේ වනවිට එහි දිරාගිය ඇතැම් කොටස් බිමට ඇද වැටෙමින් පවතියි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිදුවූ එවැනි අනතුරකින් මෝටර් රථයකට දැඩි අලාභහානි සිදුවිය. මෙවන් පසුබිමක අදාළ ගොඩනැගිල්ලෙහි පවතින අනාරක්ෂිතභාවය පිළිබඳ පොලීසිය විසින් අධිකරණයට කරුණූ වාර්තාකර ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ අද කැඳවනු ලැබීය.

ඒ සඳහා කොටුව පොලීසියේ දැනුම්දීම මත නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීයෙකු, කොටස් කඩාවැටී හානි සිදුවූ මෝටර් රථයේ හිමිකරු,එය නවතා තිබූ රථගාලේ හිමිකරු සහ වෙළෙඳසැල් හිමියෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ක්‍රිෂ් ගොඩනැගිල්ල වෙනුවෙන් එහි ඉදිකිරීම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් අධිකරණය හමුවේ පෙනීසිටියේය.මෙහිදී දෙපාර්ශවයේ කරුණූ සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රිට් ආඥාවක් නිකුත් කරමින් නියෝග කළේ කිසිදු ද්‍රව්‍යයක් පහළට වැටීම හරහා මහජනතාවට පීඩාවක් ඇති නොවන සේ ක්‍රිෂ් ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු බවය.

එසේම පහතට වැටෙන සහ වැටීමට ආසන්න දිරාගිය කැබලි ඇත්නම් එවා ඉවත්කළ යුතු බවත් ගොඩනැගිල්ලේ යම් දෙයක් පහළට වැටීමෙන් මහජනතාවට සිදුවිය හැකි පීඩා වැළැක්වීමට සුදුසු වැඩපිළිවෙළක් යෙදිය යුතු බවට ද එම අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් ය.අනතුරුදායක ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතාව පවසන්නේ කඩිනමින් මෙම යකඩ කොටස් පහළට වැටීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026