Skip to content
V
මර්වින් සිල්වා සහ තවත් දෙදෙනෙකු මාර්තු 17වනදා දක්වා රිමාන්ඩ්
featured news - උණුසුම් පුවත්

මර්වින් සිල්වා සහ තවත් දෙදෙනෙකු මාර්තු 17වනදා දක්වා රිමාන්ඩ්

By News Room · 6 March 2025

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ තවත් දෙදෙනෙකු මාර්තු 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කැලණීය ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් කූඨ ලේඛන සකස්කර අලෙවිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහජන සබඳතා පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල වකවානුවේදී කැලණිය ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් කූඨ ලේඛණ සකසා අලෙවි කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මක කළා.

ඒ අනුව එම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයා පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රි 8.30ට පමණයි.

එලෙස අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා ප්‍රශ්න කිරීම් සඳහා ඊයේ රාත්‍රියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබුවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026