Skip to content
V
මරණ සහතික අයදුම්පත්‍රය පිරවීමෙන් ලැබෙන උප්පැන්නය
featured news - උණුසුම් පුවත්

මරණ සහතික අයදුම්පත්‍රය පිරවීමෙන් ලැබෙන උප්පැන්නය

By News Room · 2 September 2024

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට පැමිණෙන පොදු ජනතාවට උප්පැන්න සහතිකය ලබා ගැනීමේ අයදුම්පත වෙනුවට මරණ සහතිකයක් ලබාගැනීමේ අයදුම්පත නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම්කාර්යාල නිලධාරී මණ්ඩයේ කටයුතු කිරීමෙන් දැඩි අපහසුතාවයට පත්වීමට සිදුවන බව මහජනතාව මැසිවිලි නගති.

මාසයකට අධික කාලයක් නුවරඑළිය ප්‍රාදේශ ලේකම් කාර්යාලයට උප්පැන්න සහතික ලබා ගැනීම සඳහා පැමිණෙන පොදු ජනතාවට උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීමේ අයදුම්පත් වෙනුවට මරණ සහතිකය අයදුම්පත ලබාදෙන බවත්, එහි සිංහල භාෂාවෙන් ඇති "මරණ" යන වචනය කපා එයට උඩින් ඉංග්‍රීසි භාෂාවෙන් "BIRTH" යනුවෙන් ලියා මහජනතාවට බෙදීමට ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කරනු ලබන බවත් ඔවුහු කියති.

තවද එක් භාෂාවක් පමණක් දන්නා මහජනතාව දැඩි සේ අපහසුතාවයට පත්වන බවත් උප්පැන්න සහතික පිටපතක් ලබා ගැනීමට යෑමේදී මරණ සහතික අයදුම් පතක් ලබාදීමේදී දැඩි ලෙස කම්පා වීමට සිදුවන බවත් මහජනතාව මැසිවිලි නගති.

මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගකිවයුතු නිලධාරීන්ගෙන් අප කළ විමසුමකට ඔවුන් කියා සිටියේ උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීමේ අයදුම්පත් අවසන් වී ඇති බව අදාළ පාර්ශවයන් වෙත දැනුම් දුන්නද අවශ්‍ය සැපයුම ලබාදීමට අපොහොසත් වී ඇති බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026