Skip to content
V
මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ සහායත් සජිත්ට
Politics

මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ සහායත් සජිත්ට

By News Room · 11 August 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සහය ලබා දීමට තීරණය කර තිබෙනවා.

අද (11) පෙරවරුවේ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී ඇය තම සහය පල කර ඇති බව සඳහන්.

විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව සිදු වුණා.

කීර්තිමත් දේශපාලනඥයකු වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජණය කළ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ බිරිඳ වන ඇය නියෝජ්‍ය අමාත්‍ය ධුර රැසක්ම දරා ඇති අතර පසුගිය රජය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කරනු ලැබුවා.

Related articles

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

4 February 2026
මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

4 February 2026
ජුලී චන්ග් ආපසු යයි

ජුලී චන්ග් ආපසු යයි

7 January 2026
රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

23 August 2024