Skip to content
V
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ නඩුවේ තීන්දුව අද
featured news - උණුසුම් පුවත්

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ නඩුවේ තීන්දුව අද

By News Room · 11 February 2026

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ දීර්ඝ කාලයක් පුරා විභාග වූ නඩුවේ තීන්දුව එලෙස අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පසුගිය 13 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනයට කල් තැබිණි. මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව දිර්ඝ කාලයක් පුරා විභාග කෙරිණි. 

පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී පොළොන්නරුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ අය පහරදී ඝාතනය කළ බවට 42 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙලෙස නඩු පවරා තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026