Skip to content
V
'මධූ' හස්තියා වළකට වැටී  ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

'මධූ' හස්තියා වළකට වැටී ජීවිතක්ෂයට

By News Room · 13 September 2024

මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් 'මධූ' නමැති  හස්තියා ඊයේ (12) පස්වරුවේ හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී පැරැණි වැසිකිළි වළකට වැටී එහි සිරවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හසලක පොලීසිය පවසයි.

ඇසළ පෙරහර මංගල්‍යයට පැමිණ සිටි අලි ඇතුන්ට ආහාර පිණිස ලබාදීම සඳහා කිතුල් කොට තොගයක් ඇතින්න ලොරියකට පටවන අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

වයස අවුරුදු පහක් පමණ වන විට එම ඇතින්න බදුලු මුතියංගණ රාජමහා විහාරයට ලැබී ඇති අතර මිය යන විට අවුරුදු තිහක් පමණ වයසෙහි පසු වූ බව පොලිසිය කියයි.

වැසිකිළි වළකට ඇදවැටුණු 'මධූ' ඇතින්න ගොඩට ගැනීමට ප්‍රදේශවාසීන්, පොලිසිය, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහත් ප්‍රයත්නයක් දැරූ අතර රාත්‍රී හතට පමණ ඇතින්න මියගිය බව පොලිසිය පවසයි.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

හසලක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026