Skip to content
V
මදුෂ්ගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන අධිකරණය මෝසමක් ඉදිරිපත් කරයි
featured news - උණුසුම් පුවත්

මදුෂ්ගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන අධිකරණය මෝසමක් ඉදිරිපත් කරයි

By News Room · 7 November 2024

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ් ගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කළේය.

මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඉදිරිපත් කළ එම මෝසමට අනුව මෙම නඩුකරය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී මිය ගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ මරණය සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති බව සඳහන් කළේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ අධිකරණ සේවා කොමිසම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයකට අදාළව එවැනි නියෝගයක් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

එහෙත් අගතියට පත් පාර්ශ්වයට අවශ්‍ය නම් අදාළ ආයතන වෙත ගොස් පැමිණිලි කර විමර්ශන ඉල්ලා සිටීමට හැකියාවක් තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය. කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මාලිගාවත්ත පොලීසියට නියෝග කරනු ලැබීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026