Skip to content
V
මත්පැන් මිල ඉහළ යයි
featured news - උණුසුම් පුවත්

මත්පැන් මිල ඉහළ යයි

By News Room · 11 January 2025

මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතාට ලැබී ඇති බලතල ප්‍රකාරව මධ්‍යසාර සහ දුම්වැටි මත පැනවුණු සුරාබදු අද (11) සිට ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත විශේෂ අරක්කු සඳහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,244ක්. මෙරට තුළ නිෂ්පාදිත මොලෑෂස්, තල්, පොල් සහ පදම් කළ අරක්කු සඳහා යොදා ගැනෙන මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,752ක් වේ. මෙරට නිෂ්පාදිත විදෙස් මත්පැන් සඳහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් සඳහා රුපියල් 7,969ක බද්දක් පනවා තිබේ.

ඒ අනුව මෙලස මධ්‍යසාර කාණ්ඩ 9ක් සඳහා අය කෙරෙන බදු අද සිට සංශෝධනය කර ඇත. මෙම නව බදු සංශෝධනත් සමග රුපියල් 3,580ක් වූ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 102කින් ඉහළ නැංවේ. රුපියල් 3,850ක් වූ පොල් අරක්කු බෝතලයක මිල ඉහළ නැංවෙන්නේ රුපියල් 109කිනි.

එමෙන්ම පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 4,000ක්ව පැවති අතර, එහි මිල රුපියල් 109කින් ඉහළ නංවා තිබේ. රුපියල් 4,250ක් වූ අති විශේෂ පරණ අරක්කු බෝතලයක මිල ද රුපියල් 109කින් වැඩිවනු ඇත. මේ අතර සැර අඩු බියර් බෝතලයක් රුපියල් 30කින් වැඩිවන අතර, සැර වැඩි බියර් බෝතලයක් රුපියල් 40කින් වැඩිවනු ඇත. දේශීයව නිපදවන විදේශීය විස්කි බෝතලයක මිල ද රුපියල් 100කින් ඉහළ නංවා ඇත. එමෙන්ම විදේශීය මත්පැන් වර්ග ඒවායේ සැර ප්‍රමාණය අනුව මිල ඉහළ නැංවෙනු ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026