Skip to content
V
මත්ද්‍රව්‍ය සිද්ධියකය සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි; ඔහුගේ සජබ සාමාජිකත්වය අහෝසි කරයි
featured news - උණුසුම් පුවත්

මත්ද්‍රව්‍ය සිද්ධියකය සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි; ඔහුගේ සජබ සාමාජිකත්වය අහෝසි කරයි

By News Room · 21 November 2025

දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන්, සමගි ජනබලවේගයේ (SJB) පළාත් පාලන අපේක්ෂකයෙකු පන්නල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) නිවේදනය කරනවා.

රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතියක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව අද (20) පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ අතර, එම යාත්‍රාව තුල පාර්සල් 18ක් ඇසුරුම් කර තිබී අයිස් (Ice) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් පමණ සොයාගැනීමට සමත් වුණා. එමෙන්ම මෙම යාත්‍රාව තුල තිබී ගිනිඅවි 02ක්ද ආරක්ෂක අංශ භාරයට ගනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඔහු සම්බන්ධයෙන් තවදුරටත් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

එසේම තවදුරටත් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ, සමාජයට පිළිකාවක් වන මත්ද්‍රව්‍ය වෙළඳාමට දැඩි ලෙස විරුද්ධ වන අතර මෙම නීති විරෝධී නින්දිත ක්‍රියාවෙහි යෙදෙන අයට ඉහළම දඬුවම් ලබා දීම සඳහා නීති ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි තරයේ විශ්වාස කරන බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026