Skip to content
V
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි 592ක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි 592ක් අත්අඩංගුවට

By News Room · 25 March 2025

2024-2025 ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භකර මාස තුනක් තුළ හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණ අත්අඩංගුවටගත් සැකකරුවන් 592කු සඳහා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 60කට අධික දඩ මුදලක් නියම කර තිබේ.

පසුගිය දෙසැම්බර් මස 24 වනදා සිට මාර්තු 23 වනදා දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගත් පසු මෙලෙස රුපියල් 6,029,324 දඩ මුදල් නියම කර ඇති බව සඳහන් වේ.

චූදිතයන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අවුරුදු 20-45 ත් අතර විවිධ වයස් කාණ්ඩවල පසුවන අය බව සඳහන් වේ.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, නොර්ටන්බ්‍රිජ්, නල්ලතන්නිය, පොල්පිටිය, වටවල සහ ගිනිගත්හේන යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026