Skip to content
V
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලිපියක්
featured news - උණුසුම් පුවත්

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලිපියක්

By News Room · 25 October 2024

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බව දන්වමින් ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබීමේ සිද්ධියක් පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව මට්ටමෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ පිලිබද මඩකලපුව තැපැල් ස්ථානාධිපතිවරයාගෙන් ද පොලිසිය ප්‍රකාශ ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සදහන් කළා. මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බව දන්වමින් මඩකලපුව මහේස්ත්‍රාත්වරියට ඊයේ පස්වරුවේ ලියාපදිංචි තැපෑලෙන් ලැබුණු ලිපියක් මත මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට අද පූර්ණ ආරක්ෂවක් ලබා දීමට කටයුතු කළා.

කෙසේ වෙතත්, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය සිදු කල සෝදිසි මෙහෙයුම් වලදී කිසිදු බෝම්බ අවදානමක් නොමැති බවට අනාවරණ වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. සෝදිසි මෙහෙයුම් වලින් අනතුරුව අධිකරණ කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කෙරුණු බවද ඔහු සදහන් කළා. රංජිත් කුමාර, කෙලින් වීදිය, මඩකලපුව නම් ලිපිනයකින් අදාල ලිපිය යොමු කල බව, එම ලිපිකවරයේ ආපසු යවන ලිපිනය යටතේ සදහන් වන බවයි පොලිසිය කියා සිටියේ.

එය ඉංග්‍රීසි භාෂාවෙන් සදහන් වන අතර බෝම්බ ප්‍රහාරය එල්ල විය හැකි බවට ලිපිය තුල සදහන් කර ඇත්තේ දෙමළ භාෂාවෙන් බවද පොලිසිය පැවසුවා. මෙම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ අද සහ ලබන 28 යන දිනවලදී එම මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවටයි.

ඊයේ සවස ලැබුණු මෙම ලිපියෙන් 23 වනදා හෙවත් පෙරේදා ප්‍රහාර එම ප්‍රහාරය එල්ල කරන බව ද සදහන්ව තිබෙනවා. එහෙත් මෙම ලිපිය තැපැල් කර ඇත්තේ ව්‍යාජ ලිපිනයකින් බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කියා සිටියා. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026