Skip to content
V
භාණ්ඩ කිහිපයකට උපරිම සිල්ලර මිලක්
featured news - උණුසුම් පුවත්

භාණ්ඩ කිහිපයකට උපරිම සිල්ලර මිලක්

By News Room · 16 December 2024

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.

මෙරට තුළ පාරිභෝගිකයා දැඩි සූරා කෑමකට ලක්වන බවත් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.

භාණ්ඩ රැසකට උපරිම සිල්ලර මිල නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කවුන්සිලය මේ වන විට කටයුතු කරමින් සිටින බව කී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හැකි ඉක්මණින් එම මිල ජනතාවට දැනුම් දෙන බව ද සඳහන් කළේය. වර්තමාන රුපියල් 100 කට අළෙවි කරන වතුර බෝතලය රුපියල් 40 කට අළෙවි කිරීමේ හැකියාවක් ඇති බවත් රුපියල් 52 කට සපයන ලුණු පැකට් එක රුපියල් 100 ට අළෙවි කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන, පානීය ජල බෝතල්, දේශීය නිෂ්පාදන ලුණු, ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන පරිප්පු, ලොකු ලූණු, අර්තාපල් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක්, රයිස්, කොත්තු ඇතුළු ආපනශාලා නිෂ්පාදන රැසක් මෙම උපරිම සිල්ලර මිලට යටත් කිරීමට යෝජිත භාණ්ඩ අතර වන බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026