Skip to content
V
භෝග වගාවන් සඳහා රක්ෂණ ක්‍රමයක්
featured news - උණුසුම් පුවත්

භෝග වගාවන් සඳහා රක්ෂණ ක්‍රමයක්

By News Room · 21 August 2025

වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් භෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශය පියවර ගෙන තිබේ. උඳු, මුං ඇට, කව්පි, රටකජු, කුරක්කන්, තල, කොල්ලු යන ක්ෂේත්‍ර භෝග සඳහා මෙම සහනදායී රක්ෂණ ක්‍රමයක් හදුන්වා දී ඇත.

ඒ අනුව කව්පි වගාව සඳහා ගොවි ජනතාව අක්කරයකට රුපියල් 4,200ක් වැනි මුදලක් මගින් රක්ෂණය කල විට, එම වගාවට ස්වභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි මෙන්ම වනඅලිගෙන් සිදුවන හානි වෙනුවෙන් අක්කරයක් සඳහා රුපියල් 60,000ක රක්ෂණ වන්දියක් ලබාදීමට සැලසුම්කර තිබේ.

මීට අමතරව මුං වගාව සිදුකරන ගොවීන් තම වගාවේ අක්කරයක් රුපියල් 5,600ක වැනි මුදලකට රක්ෂණය කල විට සිදුවන හානිවීමකදී අක්කරයක් සඳහා රුපියල් 80,000ක වන්දි මුදලක් ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. වනඅලි තර්ජන සහිත දිස්ත්‍රික්කයන්හි වගාවන් සඳහා සිදුවන හානිවීමකදී වන්දි ලබා ගැනීම සඳහා මෙම සහනදායී රක්ෂණ යෝජනා ක්‍රමය ආරම්භ කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026