Skip to content
V
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

By News Room · 8 October 2024

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළට සිය නිල ඇඳුමේ සඟවාගෙන ජංගම දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (07) බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සෝදිසි ස්ථානයේදී එම සොයා ගැනීම සිදුකර තිබුණි.

එහි දී බන්ධනාගාර විශේෂ අංශයේ රාජකාරි සඳහා පැමිණි බන්ධනාගාර නියාමකවරයෙකු සෝදිසි කිරීමේදී ඔහුගේ රාජකාරී කැප් එකෙහි මුදුන කොටස හිල් කර එහි ඇතුළට දමා තිබිය දී එම උපාංග සොයාගෙන තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026