Skip to content
V
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ හදිසි සෝදියක්
featured news - උණුසුම් පුවත්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ හදිසි සෝදියක්

By News Room · 31 October 2024

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුළ සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී ඉහළ වටිනාකමකින් යුත් ජංගම දුරකථන ඇතුළු උපාංග විශාල ප්‍රමාණයක්, හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම බන්ධනාගාරයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි බන්ධනාගාරයේ පැරණී අංශයයේ A,B,C හා D යන වාට්ටු තුළ මෙම හදිසි සෝද්‍රීසි කිරීම සිදු කර ඇත්තේ. එහිදී ජංගම දුරකථන 11ක්, සිම්පත් 13ක්, චාජර්, පොකට් රවුටර්, අමතර බැටරි, ඩේටා කේබල්,ඇඩප්ටර් සහ තවත් උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව හෙරොයින් ග්‍රෑම් 03 මිලි ග්‍රෑම් 150ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක්, දුම් කොළ කැබලි ද මෙහිදී සොයාගෙන ඇති බවට සඳහන්. එසේ අත්අඩංගුවට ගත් උපකරණ සහ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026