Skip to content
V
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ ඝාතනයක්
featured news - උණුසුම් පුවත්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ ඝාතනයක්

By News Room · 4 April 2025

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර තිබේ. උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වෙයි. රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ඝාතනය වී ඇති අතර සිරදඬුවම් විඳින රැඳවියෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට ඇතිවූ සැකය මත විමර්ශන සිදුකෙරෙයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ නන්දකුමාර් ශිව නන්දන් නමැති 46 හැවිරිදි රැඳවියෙකු වන අතර ඔහුගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇනීමෙන් ඇතිවූ තුවාල දක්නට ඇති බවත් වාර්තා වෙයි. පසුගියදා බූස්ස බන්ධනාගාරයේ දැඩි සෝදිසි කිරීමක් සිදුවූ අතර එහිදී රවුටර් සහ ජංගම දුරකථක රැසක් සොයාගෙන තිබුණි.

මෙම ඝාතනය සහ එම සිදුවීම අතර සම්බන්ධයක් පවතින්නේදැයි සැකයක් මතුවී ඇති අතර එසේත් නොමැති නම් මත්ද්‍රව්‍ය සිද්ධියක් ඝාතනයට හේතු වන්නට ඇති බවට නිලධාරීන් සැක කරන බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026