Skip to content
V
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට විසිකර තිබූ ජංගම දුරකථන පාර්සලයක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට විසිකර තිබූ ජංගම දුරකථන පාර්සලයක් අත්අඩංගුවට

By News Room · 8 July 2025

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ D කොටසේ බන්ධනාගාර නිලධාරීන් රාජකාරියේ යෙදවීමට සකස් කර ඇති මුරකුටිය ආසන්නයට පාර්සලයක් විසිකර තිබියදී සොයාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් CCTV දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැක සහිත පාර්සලය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුව රත්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ගාල්ල ඇඟිලි සලකුණු කාර්යාංශයේ නිලධාරීන් ගෙන්වා, විශේෂ කාර්ය බලකාය හා බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරියේ අදාළ පාර්සලය විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී, එම පාර්සලයේ ස්මාට් ජංගම දුරකථන 08ක් තිබී සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026