Skip to content
V
බොලිවියාවේ බස් අනතුරකින් 37ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

බොලිවියාවේ බස් අනතුරකින් 37ක් ජීවිතක්ෂයට

By News Room · 2 March 2025

බොලිවියාවේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ කර නොමැත. මූලික විමර්ශන අනුව සැක කෙරෙන්නේ අධික වේගය අනතුරට හේතුවන්නට ඇති බවය.

අනතුරට ලක්වූ එක් බසයක ගමන් කරමින් සිට ඇත්තේ එරට සුප්‍රසිද්ධ ඔරුරෝ සැණකෙළිය වෙත ගමන් කරමින් සිටි පිරිසක් බව වාර්තා වෙයි.

කෙසේ වුවද අනතුරින් මියගිය හෝ තුවාල ලැබූ පිරිසගේ අනන්‍යතාව පිළිබඳ මෙතෙක් අනාවරණ කර නොමැත.

බොලිවියාවෙන් නිරන්තරයෙන් මෙවැනි මාරාන්තික රිය අනතුරු වාර්තා වෙයි. ඉන් බහුතරයක් වාර්තා වන්නේ පොටොසි කලාපයෙනි. පොටොසි කලාපය කඳුකර කලාපයක් වීම සහ මාර්ග නඩත්තු කිරීම් නිසියාකාරව සිදු නොකිරීම ඊට හේතු ලෙස සඳහන්ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026