Skip to content
V
බෙලිගමුවේ යතුරුපැදි අනතුරකින් යුවලක් මරුට; පුතු රෝහල්ගත කරයි
featured news - උණුසුම් පුවත්

බෙලිගමුවේ යතුරුපැදි අනතුරකින් යුවලක් මරුට; පුතු රෝහල්ගත කරයි

By News Room · 21 April 2025

අද (21) උදෑසන අඹේපුස්ස ත්‍රීකුණාමලය මාර්ගයේ බෙලිගමුව මහ කඩේ හන්දිය ආසන්නයේදී සිදු වු අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අද උදෑසන 6.30ට පමණ ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය කළ යතුරුපැදිය පාර හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග අයිනේ වු කාණුවට වැටී අනතුරක් සිදුව ඇති බවය. 

අනතුරින් යතුරුපැදියේ ගමන් කළ යතුරුපැදිකරු, පසුපැදිකාරිය හා කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු හා පසු පැදිකාරිය මිය ගොස් ඇති අතර කුඩා පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 31 ක් වන පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 21 කාන්තාවකි. මෙම අඹුසැමි යුවළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මෘතශරීර ගලේවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026