Skip to content
V
බ්‍රිස්බේන්හි Airbnb නිවසකින් මව සහ දියණියගේ සිරුරු හමුවෙයි
featured news - උණුසුම් පුවත්

බ්‍රිස්බේන්හි Airbnb නිවසකින් මව සහ දියණියගේ සිරුරු හමුවෙයි

By News Room · 30 September 2025
සිරුරු දෙක සොයා ගත් Kenmore Hills හි නිවස (ඡායාරූපය: Nine News)

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බටහිර ප්‍රදේශයේ පිහිටි ඩොලර් මිලියන ගණනක් වටිනා සුඛෝපභෝගී Airbnb නිවාඩු නිකේතනයක් තුළදී මවක සහ ඇගේ 8 හැවිරිදි දියණියක මියගොස් සිටියදී සොයාගෙන ඇත.

පොලිසිය විසින් සඳුදා දහවල් 12.45 ට පමණ Kenmore Hills හි පිහිටි මෙම නිවසට ඇතුළු වී ඇත්තේ එහි පදිංචිකරුවන්ගේ සුබසාධනය පරීක්ෂා කිරීමේ (Welfare Check) කටයුත්තක් සඳහායි.

මියගොස් සිටියේ 54 හැවිරිදි Norman Park ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ 8 හැවිරිදි දැරියකි. පොලිසිය පවසන්නේ ඔවුන් දෙදෙනා මව සහ දියණිය බවට විශ්වාස කරන බවයි. සිද්ධිය වූ ස්ථානය අපරාධ ස්ථානයක් (Crime Scene) ලෙස නම් කර ඇති අතර, මරණ සිදුවීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. කෙසේ වෙතත්, මහජනතාවට අඛණ්ඩ තර්ජනයක් නොමැති බවට ක්වීන්ස්ලන්ත පොලිසිය සහතික වී තිබේ.

මරණ සම්බන්ධයෙන් මේ වන විට වැඩි විස්තර අනාවරණය වී නොමැති අතර, සිද්ධියට අදාළව තොරතුරු දන්නා පුද්ගලයින් වෙත පොලිසියෙන් දැනුම් දී තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026