Skip to content
V
බොරැල්ල බන්ධනාගාර ගැටුමෙන් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු මරුට
featured news - උණුසුම් පුවත්

බොරැල්ල බන්ධනාගාර ගැටුමෙන් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු මරුට

By News Room · 8 August 2026

බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ පෙරේදා (06) රාත්‍රියේ ඇති වූ ගැටුමෙන් එක් අයෙකු මියගොස්, 11 දෙනෙකු තුවාල ලැබුවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ හෝමාගම කටුවාන ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති 35 හැවිරිදි අයෙක්. ඔහු ගල්කිස්ස වටරප්පල පාරේ සිදුවූ ද්විත්ව ඝාතනයක්, මීගමුවේ ද්විත්ව ඝාතනයක් ඇතුළු ඝාතන කිහිපයකට චෝදනා ලැබූ අයෙක් වනවා. එමෙන්ම 'හෝමාගම හඳයා' නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ කොන්ත්‍රාත් වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පැවසෙන මෙම සැකකරුට එරෙහිව ගාල්ල, අම්පාර, මීගමුව, හෝමාගම ඇතුළු අධිකරණ කිහිපයක නඩු පවතිනවා. එමෙන්ම ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස පළමු අවස්ථාවේදී සැකයට ලක්කෙරුණේද මෙම පුද්ගලයායි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026