Skip to content
V
බොරැල්ල අනතුරේ දොඹකර රියැදුරා අද අධිකරණය හමුවට
featured news - උණුසුම් පුවත්

බොරැල්ල අනතුරේ දොඹකර රියැදුරා අද අධිකරණය හමුවට

By News Room · 29 July 2025

බොරැල්ල කනත්ත වටරවුම අසල සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථ රියැදුරා අද (28) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අනතුරින් තුවාල ලැබූ 6 දෙනා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.

බොරැල්ල කනත්ත වටරවුම අසලදී ඊයේ (28) පෙරවරු 7.45ට පමණ දොඹකර රථයක් පාලනයෙන් ගිලිහී ගොස් මාරක අනතුරක් සිදුවුණා.

එම රථය යතුරුපැදි 6ක් යටකරමින් සහ මෝටර් රථ 3කද ගැටෙමින් වේගයෙන් ධාවනය විය. අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගිය අතර තවත් 06 දෙනෙකු තුවාල ලැබූහ. කොළඹ ජාතික රෝහල පැවසුවේ, ඒ අතරින් එක් අයෙකුගේ පාදය ඉවත් කිරීමටද සිදුවූ බවය.

මෙම මාරක අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ රියැදුරා වන 26 හැවිරිදි පුද්ගලයා බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිවී තිබුණේ ඔහු ඒ වනවිට ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර සිට තිබූ බවය. ඊට අමතරව දොඹකර රථයේ හිමිකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026