Skip to content
V
බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැමියෙකු පොලිසියට භාරවෙයි
featured news - උණුසුම් පුවත්

බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැමියෙකු පොලිසියට භාරවෙයි

By News Room · 4 February 2025

බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැමියෙකු අද (04) අලුයම නාවලපිටිය පොලීසියට භාර වී තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි නැමැති 46 හැවිරිදි තිදරු මවකි.

මරණකාරිය කොළඹ ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ඇය දානමය පිංකමකට සහභාගි වීම සඳහා ඊයේ (03) නාවලපිටිය ප්‍රදේශයට පිහිටි දියණියගේ නිවසට පැමිණ තිබුණි. එහිදී අද අලුයම 1.30ට පමණ නිවසේ පහළ මහලේ ජනේලයකින් හොර රහසේ නිවසට ඇතුළු වු සැකකරු නිවසේ කාමරයේ නිදාගෙන සිටි මරණකාරියට පිහියෙන් ඇන තිබේ. ඒ සමග ඇය බේරිම සඳහා නිවසෙන් පිටතට දිවගිය ඇත.

මරණකාරියගේ දියණිය පවසා සිටියේ, එලෙස නිවසින් පිටතට දිවගිය මව පසුපස හඹා ගොස් පියා විසින් නිවසෙන් පිටතදී යළිත්වරක් මවට පිහියෙන් ඇන ගලකින් හිසට පහරදුන් බවය.

මව බේරීමට ගිය දියණියට තුවාල සිදුවි ඇති බවත්, මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදුකළ ඝාතනයක් බවත් පොලීසිය පැවසීය. ජිවිතක්ෂයට පත් කාන්තාව සහ සැකකාරු සැමියා කාලයක් තිස්සේ වෙන් වී ජීවිත් වී ඇති බව සිදුකරන ලද මුලික විමර්ශනවලදී අනාවරණය ඇත. නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද ස්ථානාධිපතිවරයා පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026