Skip to content
V
බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ලංකාවට ගොඩබෑ ඉන්දීය ගුවන් යානය
featured news - උණුසුම් පුවත්

බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ලංකාවට ගොඩබෑ ඉන්දීය ගුවන් යානය

By News Room · 24 October 2024

ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ට පැමිණෙමින් තිබූ ඉන්දීය විස්ටාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලැබී තිබූ දුරකථන ඇමතුමක් හේතුවෙන් එම යානය විශේෂ පරික්ෂාවට ලක් කළ බව කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් පවසයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පවසන්නේ අද සවස 3:15ට කටුනායකට පැමිණිමට නියමිතව තිබූ එම ගුවන්යානයේ බෝම්බයක් ඇති බවට එය ගොඩබෑමට පෙර දුරකථන පණිවුඩයක් ලැබී තිබුණු බවයි.ඒ සම්බන්ධයෙන් දැනුම්වත් වීමෙන් අනතුරුව අවශ්‍ය සියලුම ආරක්ෂක පියවර ගත් බව ගුවන්තොටුපොළ පාලනාධිකාරිය පවසයි.කුඩා දරුවෙක් ඇතුළුව මගීන් 108 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් එම ගුවන් යානයේ සිටි බව සඳහන් ය. එම ගුවන්යානය 2.55ට පමණ ගොඩබස්වා ඇති අතර අනතුරුව එහි සිටි සියලුදෙනා ආරක්ෂා සහිතව ගුවන්යානයෙන් ඉවත්කර අවශ්‍ය ආරක්ෂක පියවර ගත් බව නිවේදනයේ දැක්වෙයි.

පසුගිය 19 වැනි දිනද ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි මගීන් 96 දෙනෙකුගෙන් සහ කාර්යය මණ්ඩලයේ 8 දෙනෙකුගෙන් සමන්විත විස්තාර ගුවන් සේවයටම අයත් ගුවන් යානයක් බෝම්බ බිය හේතුවෙන් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදු කෙරිණි.

මේ අතර අද දිනය තුළ මෙතෙක් ඉන්දීය ගුවන් සමාගම් වලට අයත් ගුවන්යානා 70කට අධික සංඛ්‍යාවකට ව්‍යාජ බෝම්බ තර්ජන එල්ලවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එයා ඉන්දියා, විස්තාරා සහ ඉන්ඩිගෝ යන ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානා වලට මෙම තර්ජන එල්ල වී ඇති බවයි. ගතවූ දින 11 තුළ ඉන්දීය ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානා 250කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාජ බෝම්බ තර්ජන එල්ලවී ඇති බව සදහන් වේ. මේ හේතුවෙන් එම ගුවන් යානා හදිසි ගොඩ බැස්සවීම් වලට ලක්කර පරීක්ෂා කිරීම් සිදු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබූ අතර එමගින් මගී ගුවන් ගමන් කටයුතුවලටද දැඩි බාධා එල්ලවී තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026