Skip to content
V
බෝම්බ බියක් හේතුවෙන් තවත් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට ගොඩබස්සවයි
featured news - උණුසුම් පුවත්

බෝම්බ බියක් හේතුවෙන් තවත් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට ගොඩබස්සවයි

By News Room · 28 October 2024

ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් (Emergency Landing) සිදු කළ තුන් වැනි ගුවන් යානයද අද (28) දින පස්වරුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි.

මෙසේ බෝම්බ තර්ජනයකට ලක් වී තිබුණේ ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකි .

මෙම ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද පස්වරු 04.05 ට සාමාන්‍ය පරිදි ගොඩ බැස්සවීමට නියමිතව තිබුණද,ඉන් විනාඩි 08 කට පෙර, එනම් පස්වරු 03.57 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි.

ගුවන් යානය එයාර් බස් ඒ.-320 වර්ගයේ එකක් වූ අතර එහි ගුවන් මගීන් 108 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 08 දෙනෙකු ද පැමිණ තිබුණි.

මෙම ගුවන් යානය තුළ බෝම්බ අටවා ඇති බවට ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දීය ගුවන් සේවයේ ප්‍රධාන කාර්යාලය වෙත නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී තිබූ අතර, එම පණිවිඩය වහාම ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ඉන්දීය ගුවන් සේවා කළමනාකරු වෙත ලබා දීමට පියවර ගෙන තිබුණි. ඔහු එම පණිවිඩය කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් වෙත යොමු කිරීමෙන් අනතුරුව, මෙසේ මෙම ගුවන් යානය හදිසි ගොඩ බැස්සවීමකට ලක් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව ගිනිනිවීම් රථ, බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන්, වෛද්‍යවරුන් හෙදියන්, බෝම්බ හදුනා ගැනීම පුහුණු කළ සුනඛයන්,බෝම්බ හදුනා ගැනීමේ ඉලෙක්ට්‍රොනික උපකරණ රැගත් නිලධාරීන්, යුධ හමුදා කොමාන්ඩෝ භට පිරිස්, ගලවා ගැනීමේ මෙහෙයුම් භාර නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය වෙත කැදවා තිබුණි.

පසුව මෙම ගුවන් යානය තුළින් මේ වනවිට පැමිණි ගුවන් මගීන් බස්සවා, ගුවන් මගීන්ගේ ගමන් මලු සහ අනෙකුත් භාණ්ඩ පිටතට ගෙන පරීක්ෂා කිරීම් සිදු කරමින් සිටින අතර, මේ වනතෙක් මෙම ගුවන් යානය තුළින් පුපුරන ද්‍රව්‍ය කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව කටුනායක ගුවන් තොටුපොළ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

මේ ආකාරයට ඉකුත් 10/19 දින සහ 10/24 යන දින ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විස්තාරා ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් තුළ ද බෝම්බ අටවා ඇති බවට, ඉන්දියාවේ සිට සිදු කළ දැනුම් දීම මත, එම ගුවන් යානා දෙක ද කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමකට ලක් කිරීමට පියවර ගෙන තිබූ අතර මේ වනවිට මේ ආකාරයට ඉන්දියාවේ ගුවන් යානා 300 කට අධික ප්‍රමාණයකට බෝම්බ ඇති බවට තර්ජන එල්ල වී තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026