Skip to content
V
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ
featured news - උණුසුම් පුවත්

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

By News Room · 15 June 2025

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් කර ඇති අතර මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 6 දෙනෙකු සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

ලහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, තරිඳු රත්නායක සහ ඉසිත විජේසුන්දර මෙම නවක ක්‍රීඩකයින් වනවා.

ලහිරු කුමාර මෙම සංචිතයට පළමුව නම් කර ඇතත්, ඔහු පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වීම හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 17 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 2025-2027 ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු තරගාවලිය වනවා.

අදාළ සංචිතය පහතින්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026